Blogger වලින් blog එකක් හදන හැටි

1. මුලින්න www.blogger.com එකට යන්න.

Blogger


2. ඊට පස්සෙ දකුණු කෙළවරේ තියෙන SIGN IN කියන එක ඔබල Google gmail එකයි Password එකයි දීලා sign in වෙන්න.ඊට පස්සෙ යට තියෙන විදිහට පිටුවක් එයි. Google + profile එකක් හරි Blogger profile එකක් හරි තෝරගන්න. ඔතනදි ඔයා තෝරගන්න profile එක තමයි ඔයාගෙ blog එක කියවන්න එන අයට පෙන්නන්නෙ.

Google + hari Blogger profile


3. ඊට පස්සෙ එන පිටුවෙ display name එක දාලා CONTINUE TO BLOGGER කියන එක ඔබන්න.

Display name eka


4. ඊට පස්සෙ යට තියෙනව වගේ පිටුවක් එයි.ඒකෙ තියෙන CREATE NEW BLOG කියන එක ඔබන්න.

CREATE NEW BLOG


5. ඊට පස්සෙ යට තියෙනව වගේ පිටුවක් එයි.එකෙ ඔයා හදන blog එකේ title එක, address එක, blog එකේ template එක තෝරලා CREATE BLOG! කියන එක ඔබන්න. blog එක හැදුවට පස්සෙ ඕනම වෙලාවක ඔයාට පුලුවන් blog එකේ template එක වෙනස් කරගන්න.

CREATE BLOG!


6. ඊට පස්සෙ යට තියෙනව වගේ පිටුවක් එයි. ඒකෙ THEME කියන එක ඔබන්න.

THEME


7. ඊට පස්සෙ එන පිටුවෙ CUSTOMIZE, EDIT HTML කියන දෙකෙන් ඔයාට පුලුවන් blog එකේ theme එක ඔයාට පුලුවන් විදිහට වෙනස් කරගන්න. EDIT HTML එකෙන් වෙනස් කරන්න නම් දැනුම ටිකක් ඕන වෙනව, CUSTOMIZE කියන එකෙන් වෙනස් කරන්න නම් දැනුමක් ඕන වෙන්නෙ නෑ.

Theme settings


8. ඊට පස්සෙ යට තියෙන පින්තූරෙ විදිහට SETTINGS කියන එක ඔබන්න.ඊට පස්සෙ ඔයාගෙ blog එකේ description එක, blog එකේ language එක වගේ දේවල් මෙතනින් ඔයාට ඕන විදිහට හදාගන්න.

Settings


Blogger වලින් blog එකක් හදන හැටි Blogger වලින් blog එකක් හදන හැටි Reviewed by Admin on December 06, 2017 Rating: 5

No comments:

Powered by Blogger.